කාසි අරන් වකුගඩු 'දන්' දීලා


ඉන්දීය ජාතිකයන් විසින්  මෙරට  පෞද්ගලික රෝහල් වලින්  වර්ෂ 2013 සිට  2015 අතර  කාලය තුළ දී  වකුගඩු  බද්ධ කිරිම්  අවස්ථා  1075 ක්  සිදු  කර  ඇති  බව පෞද්ගලික වෛද්‍ය  අංශ  සංවර්ධක කාර්යාලයයේ  ලිපිගොනු වලින් අනාවරණය වී ඇතැයි  කොළඹ අපරාධ කොට්ඨාසය අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ගිහාන්  පිලපිටිය මහතා  වෙත දැනුම්  දුන්නේය.

වලංගු  විසා  බලපත්‍ර නොමැතිව ශ්‍රී  ලංකාවේ රැදී  සිටිමින්  ඉන්දීය ජාතිකයන්   අටදෙනා  වකුගඩු  ජාවාරමේ යෙදුණු බවට අධිකරණයේදී කියැවිණි.