කැඩුණු දුම්රිය මැදිරිවලට යළි පණ දෙයි


(යොහාන් භාසුර)

රත්මලාන දුම්රිය වැඩපොලේ මේ වන විට අනතුරුවලට ලක්වූ දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි රැසක් අලුත්වැඩියා කරමින් පවතින බව එම දුම්රිය වැඩපොලේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම දුම්රිය එන්ජින් සහ මැදිරි දුම්රිය දෙපාර්තමේන්තුව මගින්ම අලුත්වැඩියා කිරීමෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ඉතිරි කරගැනීමේ අවස්ථාව ලැබෙන බව ද එම නිලධාරියා කීය.