(ටී.කේ.ජී.කපිල )
කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවකු , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ කැනඩාවට පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා වයස අවුරුදු 35 ත් - 40 ත් අතරේ පසුවන , කොළඹ , කළුතර , බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පදිංචි රජයේ සේවකයින් , ව්‍යාපාරිකයින් සහ මෑතකදී විදේශ ගත වී මෙරටට පැමිණ සිටින්නන් වීම විශේෂත්වයකි .
සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ද ලබා ගෙන තිබී ඇත .