බ්‍රිතාන්‍යයේ කැමිලා බිසවට, යළිත් වරක් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බකිංහැම් මාළිගය ප්‍රකාශ කර තිබේ.
කොවිඞ් රෝගය වැළඳීම හේතුවෙන් කැමිලා බිසව ඉදිරි සතියේ සියලුම මහජන කටයුතු අවලංගු කර ඇතැයි බකිංහැම් මාළිගය සඳහන් කර තිබේ.
තෙවැනි චාල්ස් රජු මෙන්ම කැමිලා බිසවද කොවිඞ් එන්නත් දෙක සහ බූස්ටර් එන්නත් ලබා ගෙන ඇත.කැමිලා බිසවට පළමු වරට කොවිඞ් රෝගය වැළඳුනේ පසුගිය වසරේ පෙබරවාරි මසය.
කැමිලා බිසව අවසන් වරට මහජන කටයුත්තක් සඳහා සහභාගී වී ඇත්තේ පසුගිය 9 වැනිදාය.
(බීබීසී)