(නිමල කොඩිතුවක්කු)
පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා ගෑස් සිලින්ඩර් තොගයක් තම සන්තකයේ තිබියදී ගෑස් නොමැති බව පවසා අලෙවි කිරීම ප්රතික්ෂේප කළ මහනුවර ප්රදේශයේ වෙළෙන්දෙකුට මහනුවර මහෙස්ත්රාත් අධිකරණය විසින් දඩ මුදලක් නියම කර ඇති අතර, වැටලීමේදී සොයාගත් කිලෝග්රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28ම රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.
මහනුවර, කොටුගොඩැල්ල වීදියේ පිහිටි ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිත ආයතනයකට එරෙහිව මෙම නීතිමය පියවර ගෙන ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.
පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මහනුවර දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් 2026 ඔක්තෝබර් 29 දින මෙම විශේෂ වැටලීම සිදුකර තිබේ.
එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරියකු උපායදූතයකු ලෙස යොදවා කිලෝග්රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේදී, අදාළ වෙළෙන්දා විසින් තමන් සන්තකයේ ගෑස් සිලින්ඩර් නොමැති බව පවසා තිබේ.
කෙසේ වෙතත්, අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් එම වෙළෙඳ ස්ථානය පරීක්ෂා කිරීමේදී කිලෝග්රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28ක් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd