(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
මීරිගම - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරින් කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර ගයන්ත මහතා මියගොස් ඔහුගේ බිරිය හා දරුවන් තිදෙනා ඇතුළු හය දෙනකු තුවාල ලබා ඇතැයි මීරිගම රෝහල් පොලිසිය කියයි.
ගයන්ත මහතා ඇතුළු පවුලේ පිරිස කුලී වෑන් රියකින් යාපනයේ සිට ආපසු නිවස බලා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
මීරිගම සිට කිලෝමීටර් පහක් පමණ කුරුණෑගල දෙසට වන්නට බෝයවලානට නුදුරු ප්‍රදේශයේ දී සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරියක් වෑන් රිය ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.