කැළේ සතුන් කූඩු කළැයි ලක්ෂ එක හමාරක් දඩ


ගාල්ල අහංගම හෝටලයක   දැඩි ආරක්ෂිත ගණයට අයත් සතුන් කිහිපදෙනකු රඳවා තබා ගත්තැයි අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කළ ව්‍යාපාරිකයකුට රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක දඩ නියම විය.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව කොළඹ වනජීවී සංරක්ෂණ ප්‍රධාන කාර්යාලයයේ හදිසි වැටලීම් ඒකකය මෙම වැටලීම සිදු කළේය.

දැඩි ආරක්ෂිත ගණයට අයත් දඬු ලේන් මවක හා පැටවකු ද, සැලලිහිනියකු ද, ලබු ගිරවුන් දෙදෙනකු හා තාරකා ඉබ්බන් හතරදෙනකු ද සොයා ගත් බව වනජීවී නිලධරයෝ කියති.

0-02-01-1dfe61f829eede3b3ca0fcb3314b5d262ab95b04a0ab9172ee0212623d93518a_full 0-02-01-83d5a85154c9ed906e85b059e41be3b1e243627cebe8559d0180822a6f4dc8aa_full 0-02-01-df01289a0394e383dc9e21faf22c950686dfbb8332ca29b6598c6c90ae8eb1ed_full 0-02-01-e563d2898ca3ef9eeaeac166e977f4bc1c80916723d61e0e2b727d900daf7f8a_full