කිරි දරුවාට ඖෂධ අධි මාත්‍රාවක් දීලා


(ගයාන් සූරිය ආරච්චි)

අවුරුද්දයි මාස 3ක්  වයසැති  දරුවකුගේ අසනීප තත්ත්වයකට ඖෂධ අධි මාත්‍රාවක්  ලබා දුන් බව කියන දරුවාගේ මවගේ අනියම් සැමියා බව කියන  අයෙකු  අත්අඩංගුවට ගත්  බව රිදීගම පොලිසිය පවසයි.

අසනීප තත්ත්වය වැඩි වූ  දරුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා පළවෙනි සංඥා බලකායට අයත් යුද හමුදාවෙන් පලා ගිය අවුරුදු 22 ක  සෙබළෙකි.

රිදීගම පොලිසියේ වැඩිදුර විමර්ශන සිදු කරයි.