පොළොන්නරුවේ සිට කොළඹට තමා හෙලිකොප්ටරයෙන් ගමන් ගන්නා අතරවාරයේ පාගමන නැරඹූ බවත් යාර 100ක තරම්වත් සෙනග එහි නොසිටි බවත් මහාමාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල අද (2) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මාධ්‍ය ඔස්සේ විශාල සෙනගක් දැකගැනීමට හැකිවූ බව මාධ්‍යවේදියකු එහිදී ඇමැතිවරයාගෙන් විමසූ විට ඔහු කීවේ ඡායාරූප සෑදීමට ක්‍රම සහ විධි තිබෙන බවයි.