(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සහ කොස්තාපල්වරයකු සමඟ මත්පැන් සාදයක් පැවැත්වූ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.
මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයෙකුගේය.
හෑෂ් මත්ද්‍රව්‍යය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඉකුත් 02 වෙනිදින අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු ප්‍රශ්න කිරීමට යැයි පවසා වැඩ අපරාධ අංශයේ ස්ථානාධි ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා විසින් සැකකරුව නිල කාමරය වෙත රැගෙන ගොස් තිබූූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි