( ටී.කේ.ජී.කපිල )
විවිධ චෝදනා සම්බන්ධයෙන් කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනකු , කුවේට් - ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ , මෙරටට භාර දීම සදහා අද (26 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළට විශේෂ ගුවන් යානයකින් රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
කුවේට් - ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම 2007 වසරේ දී අත්සන් තබා ඇති අතර , එම ගිවිසුම යටතේ ඉකුත් 2024 වසරේ දීත් ශ්‍රී ලංකා සිරකරුවන් 32 දෙනකු පළමු වරට මෙරටට ගෙනැවිත් භාර දී තිබුණි .
මෙවර කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ශ්‍රී ලාංකික සිරකරුවන් , කුවේට් රාජ්‍යය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම , ප්‍රවාහනය කිරිම සහ ජාවාරම් කිරීම යන චෝදනා සහ තවත් විවිධ චෝදනා මත එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කර , දඩුවම් ලබා , බන්ධනාගාරගතව සිටි පිරිසකි .