කුවේට් ව්‍යාපාරිකයා රට සල්ලි සමග කොටුවේ By None // 2012 දෙසැ 23 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රුපියල් විසිපන් ලක්ෂයක් පමණ රට සල්ලි තොගයක් රැගෙන ඩුබායි බලා යාමට පැමිණි කුවේට් ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් අතර ස්විස් ෆ්රෑන්ක් හත්දහසක්, යුරෝ අට දහස් පන්සීයක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් පන්සීයක් තුබූ බව රෝගුව කියයි. අත්අඩංගුවට ගත් කුවේට් ජාතිකයා (75) ව්‍යාපාරිකයෙකි. ඔහු මින් පෙර තුන් හතර වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව රේගුව කියයි. රේගු අධිකාරී උපාලි අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී නිෂාන්ත ජයසිංහ සහකාර රේගු අධිකාරීවරුන් වන වන චන්දන රත්නායක, නුවන් බංඩාර, නුවන් අබේනායක සහ චන්දිමා සිල්වා යන නිලධාරීන් විමර්ශන්කටයුතු සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්යක්ෂ කේ මහේන්ද්‍ර මහතා මුදල් තොගය රාජසන්තක කර කුවේට් ජාතිකයා මුදා හැරියේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත