
(රෝෂන් තුෂාර)
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා රුපියල් ලක්ෂ තිස් එකක් වංචා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සමගී ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ලබන 25දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂ විතාන මහතා අද නියෝග කළේය.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් පෙරේදා (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කරමින් මධ්‍යම අපරාධ විමර්ශනා කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පොදු දේපළ පනත යටතේ දූෂණය නම් වරද සිදු කරමින් දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
සැකකරු 2015 සිට 2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අතිකාල දීමනා වංචා කිරිමට අදාළව ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිමින් කියා සිටියේ වෘත්තීය සමිති නායකයකු ලෙස සැකකරු අතිකාල දීමනා වංචනිකව ලබාගැනීමක් සිදුකර නොමැති බවය. උදෑසන සේවයට වාර්තා කිරීම සහ සවස හතයි තිහට සේවයෙන් පිටව යෑම පිළිබඳ ලේඛන අනුව සැකකරුට අතිකාල දීමනා ගෙවා ඇති බවත්, අතිකාල දීමනා අනුමත කිරීම නිලධාරීන් තුන්දෙනෙකු සිදුකර ඇති බවත් පැවසීය. කූට ලේඛන ලබා දී හෝ වෙනත් වංචනික ක්‍රියාවක් මගින් මෙම දීමනා ලබාගෙන නොමැති බවද පැවසීය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 25 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කිරීමටද දන්නවා සිටියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd