
(රෝෂන් තුෂාර)
කළුතර සහ අලුත්ගම සුරාබදු අධිකාරී ලෙස කටයුතු කරමින් සිටියදී මෙන්ඩිස් අරක්කු සමාගමෙන් රුපියල් ලක්ෂ 210 ක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න ජයනාත් අල්විස් වීරක්කොඩිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරු ලබන 01 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
සැකකරුගේ පවුලේ සමීප ඥාතීන්ගෙන් හා මෙන්ඩිස් සමාගමේ හිටපු බලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සහ තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් අප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු 2015 සහ 2016 වර්ෂවලදී චෙක්පත් පහළොවක් මගින් අදාල අල්ලස් මුදල් ලබාගෙන ඇති බවය. මෙන්ඩිස් සමාගම නීත්‍යානුකූලව රජයට ගෙවිය යුතු බදු මුදල් අඩු කර පෙන්වීම සඳහා මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd