කොටුවේ බිත්තර කඩ පාළුවට:මිලත් පහළට


(යොහාන් භාසුර)

බිත්තර අලෙවියට  පාලන මිල පැනවීමත් සමඟ කොළඹ කොටුව බිත්තර තොග වෙළෙදපොලට පාරිභෝගිකයන් නොපැමිණීම නිසා පාළුවට ගොස් තිබූ අතර බිත්තර මිල ද පාලන මිලට අලෙවි කරන අයුරු දක්නට ලැබිණි.

කොළඹ කොටුව තොග වෙළෙඳපොලේ බිත්තර සිල්ලර මිල  රුපියල් 43 ක සහ රුපියල් 45 ක පැවැති අතර බිත්තර තොග මිල රුපියල් 41 ක්ව පැවැතියේය.

බිත්තර පාලන මිලට එරෙහිව බිත්තර නිෂ්පාදකයෝ බිත්තර අලෙවියෙන් ඉවත්වන බව පෙර දින පැවැසුවත් වැඩි මිලට බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයෝ මැලිකමක් දක්වන බව වාර්තා වෙයි.

තොග වෙළෙදුන් පැවසුවේ පාරිභෝගිකයන් නොපැමිණීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර තොග මිලදීගැනිමෙන් වැලකී සිටීම සිදුවන බවයි.

(ඡායාරූපය: ශාන්ත රත්නායක)