කොරියන් ජනපතිගේ දෝෂාභියෝගය සම්මත වෙයි


දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව ගෙනා දෝෂාභියෝගය, එරට ව්‍යවස්ථා අධිකරණය විසින් ඒකමතිකව සම්මත තහවුරු කෙරුණි.

ඒ අනුව, යූන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරනු ඇති අතර, දින 60 ක් ඇතුළත ජනාධිපතිවරණයක් පැවැත්වීම ද කළ යුතුය.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ අප්‍රසාදයට ලක්වුණු යෝල්ට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගය ඉදිරිපත් කිරීම සිදුවූයේ පසුගිය දෙසැම්බරයේය.

එම අවස්ථාවේ දී යෝල්ගේ ජනාධිපති බලතල තාවකාලික හිටුවීම සිදුවිය. දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපති ලෙස පත් කෙරුණි.

යෝල්ගේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට නම්, ව්‍යවස්ථා අධිකරණය යටතේ දෝෂාභියෝගය තහවුරු කළ යුතුව තිබුණු අතර එය අද (4) දිනයේ සිදුවිය.

ව්‍යවස්ථා අධිකරණ විනිසුරුවරු අට දෙනාම ඒකමතිකව, දෝෂාභියෝගය තහවුරු කළ බැවින් යෝල් ට ජනාධිපති ධුරය අහිමි විය.

(ඒ.එෆ්.පී.)