කොරෝනා පාලනයට ප්‍රංශයේ ඇඳිරි නීතිය



අද සිට රාත්‍රී කාලයේ ප්‍රංශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇත.

ඒ අනුව රාත්‍රී 9.00 සිට අලුයම 6.00 දක්වා මෙම ඇඳිරි නීතිය බලපැවැත්වේ. කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ  අරමුණින් පැරිස් ඇතුළු තවත් නගර 8 ක මෙය ක්‍රියාත්මක වේ.

අද සිට මසක කාලයක් මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඇඳිරි නීතිය පැනවෙන ප්‍රදේශවල ප්‍රංශ ජනගහනයෙන් මිලියන 20 කට අධික සංඛ්‍යාවක ජනතාවක් වාසය කරති. ඇඳිරි නීතිය අනුව ආපන ශාලා, මත්පැන්හල් සහ සිනමා ශාලා රාත්‍රී 9.00 ට වසා දැමිය යුතුයි.

කෙසේ වුවත් ආහාර අලෙවිසැල්වලට රාත්‍රී කාලයේ ආහාර බෙදාහැරීමේ කටයුතුවල නිරත වීමට අවසර දී තිබේ.

මේ වන විට ප්‍රංශය යුරෝපා කලාපයේ කොරෝනා වසංගතය පැතිරෙන එක් ප්‍රධාන රටක් බවට පත්ව ඇත.

-226-
(බීබීසී ඇසුරෙනි)