කොරෝනා සමග සටන් වදින්නන්ට නෙළුම් කුලුනේ උත්තමාචාරය අද


 


අද(11) සවස 6.45ට කොළඹ, නෙළුම් කුලුන විදුලි ආලෝකයෙන් ආලෝකමත් කිරීමට නියමිතය.
 
කොරෝනා වයිරසයේ ගෝලීය උවදුරින් ශ්‍රී ලංකාව ගලවා ගැනීම  සඳහා වෙහෙසෙන සෞඛ්‍ය සේවාවන්හි නියුතු සියලු අය, ත්‍රිවිද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසගේ මෙහෙය ඇගයීම සඳහා මෙය සිදුකරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

විශේෂ තේමාවක් යටතේ මෙය ආලෝකමත් කිරීමට නියමිතව ඇත.