(යොහාන් භාසුර)

වැලි ජලයෙන් යටවීමෙන් ආපදාවට පත්වූ කොළඹ ජනතාවට මෙන්ම පීපල්ස් පාර්ක් ගොඩනැගිල්ලේ ව්‍යාපාරිකයන්ට වන්දිගෙවීමේ ක්‍රමවේදයක් සකස් කර හැකි ඉක්මණින් වන්දි මුදල් දීමට කටයුතු කරන ලෙස එම නගර සභාවේ එක්සත් ජනරජ පෙරමුණේ මන්ත්‍රී ආර්. ඒ. සචිත් රණසිංහ මහතා මහජන පෙත්සමම් හා දුක්ගැලවිලි පිළිබඳ ස්ථාවර කාරක සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

එසේ අපදාවට පත්ව සිටින්නේ කොළඹ නගරයේ බදු ගෙවන ව්‍යාපාරික ප්‍රජාව බවත් කොළඹ නගරයේ වැසි ජලය බැස නොයෑම නිසා ජනතාව මෙන්ම පීපල්ස් පාර්ක් ගොඩනැගිල්ල තුළ වෙළෙදාම් කරන වෙළෙදුන් ඇතුළු කොඹඹ නාගරික ව්‍යාපාරික ප්‍රජාවට විශාල අලාභයක් වී ඇති බවත් සචිත් රණසිංහ මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.

කොළඹ මහ නගර සභා සීමාවට පසුගිය 6 වැනිදා ඇඳවැලුණු වාර්ෂාව හේතුවත් සමඟ කොළඹ නගරය ජලයෙන් යටවීමෙන් ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට කෝටි ගණනක දේපළ හානිවී තිබේ.