(රංජිත් රාජපක්ෂ)

හැටන් ප්‍රදේශයට අද පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ කොටසකට ජලය කාන්දු වී ඇත.

ජලය කාන්දු වීමත් සමග එම කලාප කාර්යාලයේ ගිනුම් අංශයේ විදුලි උපකරණ රැසකට සහ ලිපි ගොණු ගණනාවකට හානි සිදු වී ඇතැයි එම කාර්යාලයේ සේවකයෙක් පැවැසීය.