“සිලෙක්ට් යූ.එස්. 2016 ආයෝජන සමුළුව”ට සහභාගි වූ කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති සම්සුදීන් ඕලක්කාර මහතා උතුරු කැරොලිනා ප්‍රාන්තයේ නියෝජිතයන් සමග
කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනය ඇමෙරිකානු වෙළෙඳ පොළට අවතීර්ණ වී තිබේ. ඇමෙරිකාවට ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා ජනාධිපති බැරැක් ඔබාමා විසින් සංවිධානය කරන ලද “සිලෙක්ට් යූ.එස්. 2016 ආයෝජන සමුළුව”ට සහභාගි වීමෙන් අනතුරුව කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනය ඉහත තීරණය ගෙන ඇත. ඒ අනුව ඉදිරි මූල්‍ය වර්ෂයේදී කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනය අමෙරිකාවේ අක්වෙරළ, නැවුම් ආහාර අපනයන සහ සිල්ලර වෙළෙඳ යන අංශයන්ගේ ආයෝජනය කරනු ඇත. ඒ සඳහා කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනය ඇමෙරිකාවේ ලුසියානා, උතුරු කැරොලිනා සහ වොෂිංටන් යන ප්‍රදේශවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු සමාගම් කිහිපයක් සමග සහයෝගීතාවයක් ගොඩනගාගෙන තිබේ.
සිය සමාගම ඇමෙරිකානු වෙළෙඳ පොළට හඳුන්වා දීමේ ප්‍රධානම අරමුණ වන්නේ ව්‍යාපාරික සහ වාණිජ ක්ෂේත්රයේ ඇති අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම බව කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති සම්සුදීන් ඕලක්කාර මහතා පවසයි.