(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී ඉකුත් (21) දා ඇතිවූ ආරවුලකදී එහි සිටි ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව කියන පුද්ගලයන් සිවු දෙනෙක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් විසින් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශයට බාර වීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය ද පෙරේදා (25) කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්හ.