(අංජුල මහික වීරරත්න)
ආපදා කමිටු එළඹෙන 24 වෙනිදාට පෙර ප්‍රතිසංවිධානය කර අවසන් කරන්නැයි කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
කොලොන්නාව ගංවතුර පාලනය කිරීම පිළිබඳව හා වැසි කාලය එළඹීමත් සමඟ ඇති විය හැකි හදිසි තත්ත්වයන්ට සූදානම් වීම පිළිබඳව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පැවැති සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
මෙහිදී අදහස් දක්වමින් කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා පැවසුවේ පවතින වැසි කාලගුණයත් සමඟින් ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවදානමට මුහුණ දීම වෙනුවෙන් අවශ්‍ය සියලුම කටයුතු කඩිනමින් සූදානම් කරන ලෙසයි.
ග්‍රාමීය ආපදා කමිටු එළඹෙන 24 වැනිදාට පෙර ප්‍රතිසංවිධානය කර ගංවතුර පාලනය කිරීම වෙනුවෙන් හා ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම වෙනුවෙන් සැලසුම් සකස් කර , එම සැලසුම් 26 වැනිදා රැස්වීමට නියමිත කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ලබාදෙන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.