කෝටි 3ක කංසා තෙල් සමඟ රේගු පරීක්‍ෂක අත්අඩංගුවට


(යොහාන් භාසුර)

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකුට යොමුකර තිබූ රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සහ කළ රේගු පරීක්ෂකවරයෙක් මධ්‍යම තැපැල් හුවමාරු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා අද (14) පැවසීය.

රේගු නිලධාරීන් නොමඟ යවමින් බලයලත් ලිපියක් සහිත රේගු පරීක්ෂකවරයෙකු එම කංසා තෙල් පාර්සලය ඉවත් කරගැනීමට උත්සහ කර ඇති බවත් නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී බව හේතුවෙන් රුපියල් මිලියන 32 ක පමණ වීදි වටිනාකමක් ඇති කංසා තෙල් කිලෝග්‍රෑම් 3.2 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අදාළ රේගු පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව ද අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් කීය.