කරෙයිනගර් නාවික හමුදා කඳවුර මගින් පසුගිය වසර එකහමාර තුල මුහුදු සිමාවේ හා වෙරල ආශ්රිත සිදුකල සෝදිසි මෙහෙයුම් වලින් කේරල ගංඡා කිලෝ 612 ක් හා අනිකුත් මත් ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනිමට හැකි වු බවත් අගෝස්තු මාසයේදි පමණක් කේරල ගංඡා කිලෝ 252 ක් අත් අඩංගුවට ගත් බවද උතුරු ප්‍රදේශය භාර නාවික ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා කියයි.
දැනට දින කිහිපයකට පෙර මෙරට සිට ඉන්දියාව බලා ගෙනයමින් තිබු රුපියල් මිලියන 35 ක් පමණ වටිනා රත්තරං කිලෝ 5.5 ක් ද අත් අඩංගුවට ගත් බවත් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.