(චන්දන හෙන්දුරුගොඩ සහ ලලිත් නවරත්තන )
අපරික්ෂාකාරි ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරකු පිළිබදව සැක සිතා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා පානය කර ඇති බව තහවරු වු බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
සැකකාර රියදුරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයකු බවයි පොලිසිය සදහන් කරන්නේ.
අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමේ වරදට මන්නාරමේ සිට කොළඹ බලා මගීන් රැගෙන ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් පොලිස් නිලධාරීන් විසින් නවත්වා ඇති අතර එම බස් රථය පැදවූ රියදුරුගේ අසාමාන්‍ය හැසිරීම සහ කථා විලාශය අනුව ඔහු කිසියම් මත් ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට අනුමාන කළ පොලිස් නිලධාරීන් ඔහුව හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර රියදුරා ගංජා පානය කර ඇති බවය.