ජනතාවගෙ නහයටත් උඩින් ගලාපු ගංවතුර පිං වතුරක් කරගෙන දේශපාලන ලකුණු දමාගන්න ට්රයි කරපු මහත්තුරැ ගණනාවක්ම හිටියා. අපි මේ කියන මහත්තය කොළඹ දිසාවෙ සැරට කතා කරන උප ඇමැති සයිස් පොරක්...
තමන් බලාකියා ගන්න කඩුවෙල පළාතෙ ජනතාවට ගංවතුරෙන් බරහානි සිද්ධ වුණ නිසා මේ හැඩකාර උප ඇමැතිතුමත් තමන්ගෙ ගෝල බාලයෝත් එක්ක කඩුවෙල රණල පැත්තට බෝට්ටුවක නැගල ගියාලු ආධාර බෙදන්න. ගිහිල්ල එක තැනක නැවතිලා උන්නැහේගෙ අතින්ම මොනවහරි දෙන්න ඕන කියල ගෑනු පිරිමි නඩයක් ළඟ බෝට්ටුව නතර කළා.
පළාතෙ උප ඇමැතිතුමා තමන්ට කන්ඩ බොන්ඩ ගෙනල්ලය කියල හිතපු ජනතාවත් එතුමා වටේ රොක් වුණා.
ඔන්න ඒ පාර එතුමා ලොකු කතාවක් කාරිය කරල බෝට්ටුවෙ තිබුණ මල්ලකට අතදාල සීනි කෙසෙල් ගෙඩි ඇවරියක් ගත්තලු...
ඊට පස්සෙ ඒකෙන් එක එක සීනි කෙසෙල් ගෙඩිය බැගින් කඩල එතන හිටපු අය අතට දෙන්න ගත්තලු... එක් දැකපු මිනිස්සු පුදුම වුණාලු.
උප ඇමැතිතුමා දුන්න සීනි කෙසෙල් එයාටම තියාගන්න කියල ඡන්දෙ කාලෙ කොරපු හැටිත් මතක් කළාලු. "මහත්තයා දැන් එනව අපිට කෙසෙල් ගෙඩි දික් කරන්න. එදා ඡන්දෙ කාලෙ බුරියානි දුන්න. කුකුල්ලු දුන්න පිරිමින්ට බොන්නටත් දුන්න. දැන් අපි අනාථ වෙලා අසරණ වෙලා ඉන්නකොට සීනි කෙසෙල් ගෙඩියක් දීලා ෂේප් වෙන්න යනව... අපට ඕන ඇති කෙහෙල් මලක් නැහැ..." කියලා ලොකු බරබරයක් එක්ක ගෝෂාවක් දැම්ම...
සීනි කෙහෙල් ගෙඩියක් දීල මෙයාලගෙ කටවල් මට්ටු කරන්න බැරි නිසා සිංහයෙක්වගේ කතා කරන උප ඇමැතිතුමා හෙමින්ම බෝට්ටුවක් හරවගෙන මාරැ වුණාලු.