(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 50 කොන්ත්‍රාත්තුවක් මත බව ගන්දර පොලිසිය පවසයි.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචි 23 හැවිරිදි කාන්තාවක සහ 46 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකි.
දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බාලේ මල්ලි නැමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පල කරයි.