(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ටි 56 ජිව උණ්ඩ සහ එල්.එම්.ජි අවි සඳහා යොදන උණ්ඩ සමඟ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගබඩා සහායකවරයා අත්අඩංගුවට ගත්බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරු සමඟ ටි 56 ජිව උණ්ඩ 09 ක් එල් එම්ජි අවි සඳහා යොදන උණ්ඩ 01 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් අනුව බොරැල්ල ඕවල් ක්‍රීඩාංගනය අසලදී සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ ගමන් බෑගයේ තිබී ටි 56 අවියට භාවිතා කරන ජීව උණ්ඩ 2 ක් තිබී හමුවී ඇත.