(සුජිත් හේවාජුලිගේ)
රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
ශවේන්ද්‍ර සිල්වා වසන්ත කරන්නා ගොඩ ජගත් ජයසූරිය ඇතුළු පිරිසට තහනම පැනවූ බ්‍රිතාන්‍යයෙන් අපි ප්‍රශ්න තුනක් අහනවා. අපේ රණවිරුවන් වැරදිකරුවන් කිරීමට පෙර ඔවුනට නිදහසට කරුණු කීමට අවස්ථාවක් දුන්නාද. ලෝකයේ බිහිවුණු තිරස්චීනම ත්‍රස්තවාදී නායකයන්ට එක්සත් රාජධානිය ක්ෂේම භූමියක් වෙද්දී ත්‍රස්තවාදියා අවසන් කළ රණවිරුවන් අපරාධකරුවන් වන්නේ කෙසේදැයි එක්සත් රාජධානිය ලෝකයට පැහැදිලි කරන්න ඕන.