ගල් ගසා මරන්න නියම වූ කත පිටුවහල් කරයි


සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමව සිට පසුව එරට අධිකරණයෙන් එම දඬුවම ලිහිල් කිරීමෙන් වසර තුනක සිර දඩුවම් නියම වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ දඬුවම් කාලය නිමා වී ඇතැයි ඇරැබ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඇයට 2013 වසරේ සිට බල පැවැත්වෙන පරිදී පැනවූ මෙම වසර තුනක සිර දඬුවම  ඉකුත් ජූනි මාසයේදී අවසන් වීමත් සමඟ මෙම ලාංකික කාන්තාව එරටින් පිටුවහල් කිරීමට කටයුතු කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.   

 ගල් ගසා මරා දැමීමට කාන්තාවගේ එම දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම ඉකුත් වසරේ නොවැම්බර් 22 වැනිදා සෞදි අධිකරණයේදී සලකා බැලීමෙන් පසු ඇයට  ගල් ගසා මරා දැමීමට වෙනුවට වසර තුනක් දක්වා වූ සිර දඬුවමක් කැරිණි.