මෑතකදී පවත්වපු සම්මාන උළෙලේ සංවිධාන කටයුතු භාරදීලා තිබුණෙ කලක් ජනප්‍රියව සිටි ගායකයෙකුට අයිති ආයතනයකටලු. ඔන්න උත්සවයට කලින් දවසෙ රෑ අවසාන පෙර පුහුණුවීම්වලට ඒ සඳහා සහභාගි වන ගායක ගායිකාවො, නළු නිළියො, නර්තන කණ්ඩායම් පැමිණ හිටියා.
මේ ගායකයා හැමෝටම අණදෙමින් විශාල දර්ශනයක් දානවලු. වැඩසටහන්වල අනු පිළිවෙළත් වෙනස් කරනවලු. ප්‍රමාද වෙලා එන අයගේ අංග අවසානයට දමන බව තර්ජනය කරනවලු.
එක්තරා ප්රවීණයෙකුටත් ඔහු අනවශ්‍ය ලෙස අණ දෙන්නට තැත් කරද්දී ඒ අධ්‍යක්ෂකවරයා මොහුට රිදෙන්න දුන්නලු ලෙක්චර් එකක්. "මෙතන බොරු පුස් පාට් දාගෙන ආවොත් ඔයාට වෙනදේ බලාගන්න පුළුවන්" කිව්වම ඔහුගේ සැර බාල වුණාලු එකපාරටම. කොට්ටෝරැවත් හැම ගහකටම කොටලා කොටලා අන්තිමට කෙහෙල් ගහට කොටපු දවසට තමයිලු රඟේ තේරැණේ.