
(ඩි.ජි.සුගතපාල)
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගාල්ල - කොළඹ රාත්රි තැපැල් දුම්රිය ආරම්භ කොට වසර සියයක් සපිරිම නිමිත්තෙන් ගාල්ල දුම්රිය ස්ථානයෙදි අලුයම සැමරැම් උත්සවයක් පවත්වන ලදි..
ගාල්ල දුම්රිය ස්ථානාධිපති එස් මෙන්ඩිස් මහතා ඇතුලු කාර්ය මණ්ඩලය එහිදී කේක් ගෙඩියක් කපා රාත්රි තැපැල් දුම්රියේ සියවන සංවත්සරය සමරණ ලදි.

