ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 71ක්


(ඩී.ජී. සුගතපාල )

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ සිට අද උදෑසන දක්වා කාලය තුල  ගාල්ල දිස්ත්‍රික්කයෙන්  මැතිවරණ පැමිණිලි 71ක් ලැබි ඇති බව ගාල්ල දිස්ත්‍රික්  ජනාධිපති මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය පවසයි.

 මෙම පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක්,පෝස්ටර් කටවුට්   ප්‍රදරශණය කිරිම, දේශපාලඥයින්ගේ සහභාගිත්වයෙන් විවෘත කිරිම්,අනවසර රැස්විම් පැවැත්විම ආදිය සම්බන්ධයෙන් වන අතර ප්‍රචණ්ඩකාරි සිදුවිම් කිසිවක් වාර්තාවි නැත.

නිත්‍යානුකූල කාරයාලයක හැර වෙනත් කිසිදු ස්ථානයක අපේක්ෂකයින්ගේ ඡායාරුප හෝ ඡන්ද ලකුණු ප්‍රදරශනයකල නොහැකි බවත් පුද්ගලික නිවසක වුවද මහජනයාට ප්‍රදරශණය වන ආකාරයට අපේක්ෂකයින්ගේ ඡායාරුප හෝ ඡන්ද ලකුණු ප්‍රදර්ශණය කළ නොහැකි බවත් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය පවසයි.