(ගයාන් සූරිය ආරච්චි)

ගාල්ල හබරාදුව ප්‍රදේශයේ නිවසකදී වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකුගේ හිසට ගල් වලින් පහරදී ඝාතනය කර දේපොළ කොල්ලා කෑ බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව  හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වංචාවල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි  පුද්ගලයෙකි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සහ එම කාන්තාවන්ට අයත් ජංගම දුකකථනයක්ද පොලිසිය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හබරාදූව  පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.