දිගින් දිගටම එල්ල වන හමුදා ප්‍රහාර හමුවේ, හමාස් සංවිධානයට ගාසා තීරයේ පාලනය අහිමිවී ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පවසයි.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ කීවේ, ඊශ්‍රායල ජාතික රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, ඊශ්‍රායල හමාස් ගැටුම්වල නවතම තත්ත්වය පැහැදිලි කරමිණි.
“හමාස් සංවිධානය අපේ ප්‍රහාර හමුවේ අඩපණ වෙලා. ගාසා තීරයේ පාලනය දැන් ඔවුන් සතුව නැහැ. අපේ ප්‍රහාරවලින් හමාස් නායකයන් බොහෝ දෙනකුට දිවි අහිමි වුණා. හමාස් කඳවුරුවලට පලස්තීන සිවිල් වැසියන්ගකඩා වැදී හමාස් සටන්කාමීන් සතු බඩු බාහිරාදිය කොල්ල කනවා” යැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පැවැසුවේ, ඒ සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි ද ගොනු කරමිණි.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර යුද ගැටුම් ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ කුරිරු ප්‍රහාරයෙන් පසුවය.
(ඒ.එෆ්.පී.)