(අංජුල මහික වීරරත්න)

ලෝක බෞද්ධ විද්වත් සන්ධානයේ (WOBSA) ප්‍රධාන කණ්ඩායම සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක්පැ ලවත්ත කාර්යයේදී පැවැත්විණි.

ඉන්දියාවේ තෙලඟානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හි ‘බුද්ධවනම්’ (Buddhavanam) ව්‍යාපෘතියේ විශේෂ නිලධාරී මහාචාර්ය මලපල්ලි ලක්ෂ්මයියා,ප්‍රකට ඉන්දීය නළුවෙකු සහ බෞද්ධ ක්‍රියාකාරිකයකුද වන ආචාර්ය ගගන් මලික් මහත්වරු  ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.

බෞද්ධ ආගමික කටයුතු වලට සහය වීම, බෞද්ධ උරුමයන් සුරැකීම මෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා ආධ්‍යාත්මික සබඳතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මෙම සංවිධානයේ සහයෝගීතා ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 

දෙරට අතර බෞද්ධ උරුමයන් සුරැකීමට, බෞද්ධ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට සහ සාමය, සංහිඳියාව මෙන්ම මිත්‍රත්වය වර්ධනය කිරීමට අනෝන්‍ය අවබෝධයෙන් යුතුව එක්ව කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබේ.