බද්දේගම පාලම අසල ගිං ගඟේ ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.18 ක් දක්වා වැඩි වී ඇත.
ගිං ගඟ පිටාර ගැලීම නිසා වැලිවිටිය දිවිතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අගලිය, කුට්ටියාවත්ත, නුගේතොට, හැම්මෑලිය යන ප්‍රදේශ ජලයෙන් යට වී බද්දේගම උඩුගම මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා අද සවස් කාලයේ බස් ධාවනය ද ඇණහිට ඇත. හැම්මෑලිය ප්‍රදේශයේ එක් නිවසක් ද ජලයෙන් යට වී ඇත.
ගාල්ල ආපදාකළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියේ ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි.