ගිං ගඟෙත් අත්තනගලු ඔයෙත් ජලය වැඩි වෙයි


දැඩි වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ සහ අත්තනගලු ඔයෙත් ජල මට්ටම ඉහළයමින් තිබෙන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ගිං ගඟ අවට ප්‍රදේශ රැසක් මේ වනවිට ජලයෙන් යටවී ඇති බවයි. ගාල්ල හිනිදුම උඩුගම මාර්ගයේ මහාබෝධිවත්ත අසළ අඩි තුනක් පමණ ජලයෙන් යටවී ඇතැයි ද ඇල්පිටියේ මැටිවිල සුදර්ශනාරාමය අසළ මාර්ගයේ අඩි පහක් පමණ ජලය පිරී ඇතැයි ද උතුරු පිටිගල අඩි දෙකක් පමණ ජලය පිරී ඇතැයි ද ගාල්ල ආපදාකරණ මධ්‍යස්ථානය පවසයි.

මාදු ගඟේ ජල මට්ටම වැිවෙමනි් පවතින බවත් බලපිටි දූව මෝදර කලපුවේ මෝයකට කපා ජලය ඉවත්කිරිමට කටයුතු කරන බවත් ගාල්ල ආපදා කළමනාකරණ මධයස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීර එදිරිසිංහ මහතා පවසයි.