(ගයාන් සූරිය ආරච්චි)
ඉතාලියෙන් ගෙන්වන ලද බවට සැක කරන ගිනි අවි 4 ක්, රිවෝල්වර ගිනි අවි දෙකක්, පිස්තෝලයක්, උන්ඩ 50 ක්, කඩු හතරක් සහ කිනිසි තුනක් සමග සැකකරුවෙක් අක්මීමන ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 72ක පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු කාලයක් ඉතාලියේ රැකියාවේ නියුතුව සිට ඇති බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජයපත්ම මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
(ඡායාරූප ඉසුරු පෙරේරා)