ගීතාට විරෝධය පාන්න පිරිසක් මහින්දගේ රැලිය වර්ජනය කරති


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති බෙන්තර ඇල්පිටියේ මිරිස්වත්තේ පැවැත් වූ රැස්වීමකට තමන් සහභාගී නොවූ බව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු අට දෙනෙක් නගරයේ බැනරයක් ප්‍රදර්ශනය කරමින් කියා සිටියේය.

සංවිධායිකා ගීතා කුමාරසිංහ මන්ත්‍රිනියට විරෝධය දැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ඔවුන් අට දෙනා වෙනුවෙන් හිටපු සභාපති රංජිත් ජයසිංහ කියයි.