ගුවන් මඟියාගේ මුදල් සොරාගත් විදේශිකයන් දෙදෙනා මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක ගමන් ගත්  ගුවන් මගියෙකුගේ අත් බෑගය තුළ වූ දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු , අද(07)  උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන  , එම මුදලින් කොටසක් ද සොයා ගෙන තිබේ .

ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ ද්විත්ව පුපුරවැසිභාවය හිමි 71 හැවිරිදි  මොහු රාගම , වැළිසර ප්‍රදේශයේ පදිංච් තම ඥාතීන් බැලීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියේය .

මගියා  සිය ගමන් මල්ල , ගුවන් යානයෙහි ගමන් මලු රාක්කයේ තබා , නිදා ගෙන පැමිණ සිටි අතර , එම ගුවන් යානයෙහි ගමන් ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු , එම ගමන් මල්ල තුළ වූ ඇමෙරිකානු ඩොලර් 2,000 ක් සහ ශ්‍රී ලංකා රුපියල් 60,000 ක් සොරා ගෙන තිබේ .