(කේ. බුද්ධික කුමාරසිරි)
මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයන් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
එම වෙඩි තැබීමේ සිද්ධි වැලිගම ,අහුංගල්ල ,දෙවිනුවර ,ගල්කිස්ස, දොඩංගොඩ, මන්නාරම, අම්බලන්තොට ගාල්ල ,කොටහේන ,මිනුවන්ගොඩ ,මිත්දෙණිය ,ජාඇල ,ගම්පහ, වැලිවේරිය ,මිදිගම ,අම්බලන්ගොඩ ,දෙවුන්දර ආදී පොලිස් වසම් රැසකදී සිදුවී ඇතැයි කියයි.