හිටපු ඇමැතිවරයකු වු අභාවප්‍රාප්ත අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයකු වන චානුක රත්වත්ත ඇතුළු පස් දෙනෙකු රුපියල් කෝටි 420 ක් වංචාවක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබුහ.
එන්ට්‍රස්ට් සෙකියුරිටිස් සමාගම මගින් ඔහු එම වංචාව කළ බව පොලිසිය කියයි. චානුක රත්වත්තේ එම සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයෙකි. පසුගිය ජනවාරියේ ශ්‍රී ලංකා මහ බැංකුව එම සමාගම පවරාගෙන ප්‍රතිසංස්කරණය සඳහා ජාතික ඉතිරිකිරිමේ බැංකුවට බාර දුන්නේය.