චාමර සම්පත් යළි රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදී රුපියල් ලක්ෂ 84ක් අල්ලස් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළේය.

චාමර සම්පත් දසනායක මහතා 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදී රුපියල් ලක්ෂ 84ක් අල්ලස් ලබා ගත් බව චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනුකළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

පැමිණිල්ල තව සුළු මොහොතකින් යළි කැඳවීමට නියමිතය.