ඡන්ද පෝස්ටර් සමඟ දෙන්නෙක් මාට්ටු


(අමදෝරු අමරජීව )

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කින්‍නියා ප්‍රදේශයේ දේශපාලන පක්ෂ දෙකක කාර්යාලවල තබාගෙන  තිබු නීති විරෝධී  ප්‍රචාරක පෝස්ටර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව කින්නියා  පොලිසිය කියයි .

කින්නියා, බුහාරි අඩි හන්දියේ  පිහිටි මැතිවරණ කාර්යාලයක හා ඒ ආසන්න තවත්  මැතිවරණ කාර්යාලයක තිබී මෙම පෝස්ටර් තොගය සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ .

 මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු එම කාර්යාල පරික්ෂා කිරීමේදී මෙම පෝස්ටර් තොගය සොයා ගැනීමට හැකි විය .