( ප්‍රසාද් රුක්මල් )

පවතින අධික වර්ශාවත් සමග අඹේවෙල ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි වාන් දොරටු දෙකක් 8" බැගින් (240.88) අද (20) පස්වරුවේ විවෘත කල බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

මේනිසාවෙන් මෙම වාන් ජලය අග්‍රඔය හරහා ඩයගම, ලිදුල, ආගරතැන්න තලවාකැලේ , හරහා ඉහල කොත්මලේ  ජලාශයට ගලාබසින හෙයින් අග්‍රාඔයේ ජල මට්ටම ඉහලයා හැකි බැවින් ඔය දෙපස පහත් බිම්වල පදිංචි ජනතාවට දැඩි විමසිල්ලෙන් කල්පනාකාරිව ආරක්ෂිතව අවධානයෙන් සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටිති.