(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ, එච්.එම් ධර්මපාල , රේඛා තරංගනී ෆොන්සේකා සහ බිමල් ශ්‍යාමන ජයසිංහ)

යේ ආපන ශාලාවකට (20) දා රාත්‍රී මෝටර් රථයකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් පසුව පලාගිය මෝටර් රථය පිළියන්දල සුවාර පොල ප්‍රදේශය හරහා ධාවනය වෙමින් තිබියදී මෝටර් රථයේ ඉදිරිපස රෝදය හුළං බැසීම නිසා මාර්ගය නවතා තිබූ කුලි යතුරුපැදි කරුවකුට ටී 56 වර්ගයේ ගිනි අවියක් පෙන්වා අහසට වෙඩි තබා බියගන්වා යතුරුපැදිය පැහැරගෙන වෙඩික්කරුවන් පිළියන්දල දෙසට පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.