ඡන්දෙට ගම යන ගමන අතරමගින් නතර වේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කුඩා දරු දෙදෙනෙකු ඇතුළු අඹුසැමි යුවළක් ගමන් ගත් ත්‍රී රෝද  රථයක් හොරණ  ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් කාන්තාව මියගොස් අනෙක් සියලුම දෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 34ක් තැනැත්තියකි.අනිද්දා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ඡන්දය දැමීම සඳහා පිළියන්දල සිට මිද්දෙණිය ගම් ප්‍රදේශය කරා යමින් සිටියදී  අනතුර වී ඇත.

තුවාල ලද සියලු සියලු දෙනාගේම හිස් ප්‍රදේශවලට බරපතල තුවාල සිදුවී ඇත.