ජගත් පෙරේරා ධීවර සංස්ථාවේ මුල් පුටුවට


ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සීමාසහිත සී නෝර් පදනමේ සභාපති ජගත් පෙරේරා මහතා පත් කළ බව ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද (08) කීවේය. 

ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්වීම් ලැබුවද ජගත් පෙරේරා මහතා ඒ වෙනුවෙන් වැටුපක් නොලබන බවත් ඔහු ඉදිරියටත් සීමාසහිත සී නෝර් පදනමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවත් අමාත්‍ය අමරවීර මහතා පැවසීය.